ශ්‍රී ලංකා

රට ඉදන් ආපු උපයෝගිතා කොමිසමේ සභාපතිට සිය කාර්යාලය අහිමි වෙයි !

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විදෙස් සංචාරය නිමකර මෙරටට පැමිණීමෙන් පසු අද (28) නැවත සිය කාර්යාලය වෙත පැමිණ තිබුණි.

ඔහු සිය කාර්යාලය වෙත පැමිණියත් මුද්‍රා තබන ලද කාර්යාලයේ මුද්‍රා ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර නොතිබුණි.

සභාපතිවරයාගේ නිල කාර්යාලයට පසුගිය 16 වනදා කොල්ලුපිටිය පොලීසිය අධිකරණ නියෝගයක් මත මුද්‍රා තැබුවේ කඩාකප්පල්කාරී පිරිසක් එම කාර්යාලයට ඇතුළුවී එහි රාජ්‍ය වටිනාකමක් ඇති ලිපි ගොනු අස්ථානගත කිරීමේ හෝ විනාශ කිරීමේ උත්සාහයක් ඇති බවට කෙරුණු පැමිණිල්ලක් මතය.

කෙසේවෙතත් අද ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් ජනක රත්නායක මහතා සඳහන් කළේ, “දොර අරින්න අවශ්‍ය කරන නිලධාරීන් නැහැ කියන එක තමයි කොල්ලුපිටියේ ස්ථානාධිපතිවරයා කියන්නේ,” යනුවෙනි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago