කොරෝනා වෛරසයේ ආරම්භය ගැන FBI වෙතින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් !

කොවිඩ්-19 “බොහෝ දුරට” “චීන රජය විසින් පාලනය කරන ලද රසායනාගාරයකින්” උත්පාදනය වූවක් බව තම කාර්යාංශය විශ්වාස කරන්නේ යැයි FBI අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆර් ව්රේ ප්‍රකාශ කර තිබේ.

ඔහු Fox News වෙත ප්‍රකාශ කර ඇත්තේ, “වසංගතයේ මූලාරම්භය බොහෝ විට රසායනාගාරයක වූ සිදුවීමක් වීමට වැඩි ඉඩක් ඇතැයි FBI විසින් දැන් දිගු කාලයක් තිස්සේ තක්සේරු කරනු ලැබ ඇති” බව ය.

වසංගත වෛරසය මතු වූ ආකාරය පිළිබඳ FBIහි රහසිගත විනිශ්චය පිළිබඳ පළමු මහජන තහවුරු කිරීම එය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රසායනාගාරයකින් එය පැතිර ගිය බවට වූ න්‍යාය සාක්ෂි නොමැති බැවින් බොහෝ විද්‍යාඥයින් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

එමෙන් ම, අනෙකුත් එක්සත් ජනපද රාජ්‍ය ආයතන FBI නිගමනයට වෙනස් නිගමන ඉදිරිපත් කර ඇත.

අඩු නිශ්චිතභාවයකින් ඔවුන්ගෙන් සමහරෙකු පවසා ඇත්තේ, වෛරසය රසායනාගාරයකින් ආරම්භ වූවක් නොව සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූවක් බව ය.

එහි මූලාරම්භ පිළිබඳව එක්සත් ජනපද රජයට පොදු එකඟතාවක් නොමැති බව ධවල මන්දිරය ප්‍රකාශ කර තිබේ.

2021 වසරේදී ඒකාබද්ධ චීන-ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) පරීක්ෂණයක් මගින් රසායනාගාරයකින් එය පැතිර ගිය බවට වූ න්‍යාය හැඳින්වූයේ “අතිශයින් ම විය නොහැක්කක්” යනුවෙනි.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ විමර්ශනය දැඩි ලෙස විවේචනයට ලක් වූ අතර ඉන් පසුව එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා නව පරීක්ෂණයක් ඉල්ලා තිබුණේ “සියලු උපකල්පන විවෘතව පවතින අතර වැඩිදුර අධ්‍යයනයක් අවශ්‍ය වේ,” යැයි සඳහන් කරමිනි.

ව්රේ මහතාගේ ප්‍රකාශය පැමිණෙන්නේ, චීනයේ එක්සත් ජනපද තානාපතිවරයා කොවිඩ්හි මූලාරම්භය පිළිබඳව “වඩා අවංක විය යුතු” ලෙස එරටින් ඉල්ලා සිටීමෙන් දිනකට පසුව ය.

FBIහි මෙම හෙළිදරව්ව පිළිබඳව ප්‍රතිචාර වශයෙන් චීනය, එකසත් ජනපදය විවේචනය කර ඇති අතර එය “දේශපාලනික මෙහෙයවීමක්” යැයි චෝදනා කර ඇත.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago