ශ්‍රී ලංකා

නේවාසිකාගාරය තුළ සිහිසුන්ව සිටි පේරාදෙණිය සරසවි සිසුවියක් මරුට !

මානසික ආතතිය සඳහා වන ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගතවීම හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ සිසුවියක් මිය ගොස් තිබේ..
මෙසේ මියගොස් ඇත්තේ විනෝදි සිල්වා නැමැති කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියකි. ඇය කලක පටන් මානසික ආතති තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගෙන තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

ඇය සිය රෝගී තත්ත්වය ටලබා ගන්නා ඖෂධ අධි මාත්‍රාවක් ලබා ගැනීම හේතුවෙන් මියගොස් ඇත.

මෙම සිසුවිය විශ්වවිද්‍යාල නේවාසිකාගාරය තුළ සිහිසුන්ව සිටියදී ඇය සමඟ කාමරයේ එකට සිටි තවත් සිසුවියන් දෙදෙනෙකු පෙරේදා (28) රාත්‍රී 10.00 ට පමණ ඒ පිළිබඳව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුවත් කර තිබේ.

විශ්වවිද්‍යාල වෛද්‍ය ප්‍රතිකාර ඒකකයට රැගෙන යෑමෙන් අනතුරුව ගිලන් රථයකින් ඇයව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහි දී ඇය මියගොස් තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් කීය

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

21 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago