ශ්‍රී ලංකා

ඡන්දය ගැන අධිකරණ දුන් නියෝගය පිළිබඳව  මුදල් රාජ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් !

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල් රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අනුව කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

“ඇත්තටම අධිකරණ තීන්දුවට අපි ඕන කෙනෙක් ගරු කරන්න ඕනේ. මුදල් අමාත්‍යාංශය වෙන්න පුළුවන්. රජය වෙන්න පුළුවන්. ආයතනයක් පෞද්ගලිකව වෙන්න පුළුවන්. අධිකරණ තීන්දුව පැහැදිලිකරගෙන කටයුතු කිරීම හැමදෙනාගෙම වගකීමක්. මුදල් අමාත්‍යංශය අනුව ඒ ගෞරවය අනුව කටයුතු කරනවා. එහි කිසිදු ගැටලුවක් දකින්නේ නෑ. අධිකරණ තීන්දුවක් අනුව කටයුතු කිරීම හැම කෙනෙක්ම බැඳිලා ඉන්න විශේෂ වගකීමක්. අධිකරණ තීන්දුව අනුව වියදම් පෙළගැස්සවීමක් කරන්න සිදුවේවී.”

මැතිවරණ සඳහා 2023 අයවැයෙන් වෙන්කර ඇති මුදල් රඳවා තබා ගැනීම අත්හිටුවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (03) භාණ්ඩාගාර ලේකම්වරයාට හා ජනාධිපතිවරයා වෙනුවෙ නීතිපතිවරයාට අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සැලකිල්ලට ගනිමින්.

ඊට අමතරව රජයේ මුද්‍රණාලය සඳහා ලබා දිය යුතු මුදල් රඳවාගැනීම අත්හිටුවමින් අතුරු නියෝගයක් ද නිකුත් කෙරුණා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago