ශ්‍රී ලංකා

රුපියල් කෝටි 20ක දේපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තහනම් කරයි !

රුපියල් කෝටි 20ක පමණ දේපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ, රුපියල් කෝටි පනහකට අධික වටිනාකමකින් යුත් දේපළ ලබාගැනීමේ අරමුණින් 2018 වසරේදී ඝාතනය කරන ලද ඉංජිනේරුවරයෙකුට අයත් දේපළ කොටසකි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වසර විසිපහක පමණ කාලයක් වරලත් ඉංජිනේරුවෙකු ලෙස මෙන්ම ලෝක බැංකුවේ මෙරට ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කළ 63 හැවිරිදි සමන් විජේසිරි මහතා ඝාතනය කර තිබුණේ 2018 වසරේදීය.

ඔහුගේ කෝටි 50ක පමණ දේපළ ලබාගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදුකළ බව ඊට අදාළ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු සංවිධානාත්මක අපරාධ හා මිනිමැරුම් විමර්ශන කොට්ඨාසය වෙත පාපොච්චාරණය කර තිබුණි.

එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ජෙරාඩ් ලින්කන්, රුවන් චන්දන හා ඉංජිනේරුවරයාගේ පවුලේ සමීපතමයෙක් වන නිහාල් දේවප්‍රිය යන තිදෙනාය.

සැකකරුවන් විසින් ඝාතනයෙන් පසු ඉංජිනේරුවරයාට අයත් දේපළ ව්‍යාජ ඇටෝනි බලපත්‍රයකින් සිය නමට පවරාගෙන තිබුණි.

පසුව අදාළ දේපළ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව එහි නිලධාරීන් කණ්ඩායමක් අදාළ ඉංජිනේරුවරයාගේ දේපළ පිහිටි හලාවත ප්‍රදේශයට ගියේ එම දේපළ පිළිබඳව විමර්ශනය කිරීම සඳහාය.

එහිදී හලාවත නගරයේ පිහිටි පර්චස් 20ක ඉඩම සහ එහි ඉදිකර ඇති තෙමහල් ගොඩනැගිල්ල මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අදාළ නිලධාරීන් විසින් තහනම් කරනු ලැබීය.

එමෙන්ම මියගිය ඉංජිනේරුවරයාට අයත් හලාවත පිහිටි තවත් පර්චස් 12.6කින් යුත් ඉඩමක් සහ තෙමහල් ගොඩනැගිල්ලක් ද විමර්ශන නිලධාරීන් විසින් තහනම් කර ඇත.

අනතුරුව හලාවත පිහිටි පර්චස් 51 ක ඉඩමක් ද එම නිලධාරීන් විසින් තහනම් කළේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේය.

මෙම දේපළ ඝාතකයන් විසින් වෙනත් පාර්ශ්ව වෙත කුලී පදනම මත ලබාදී ඇති අතර ඔවුන් මේ වනවිට බන්ධනාගාර ගතව සිටීම හේතුවෙන් කුලී මුදල් ඔවුන්ගේ බිරින්දෑවරුන් විසින් ලබාගෙන ඇති බවත් අනාවරණ වී තිබේ.

අදාළ දේපළවල වටිනාකම රුපියල් කෝටි 20ක් පමණ වන අතර ඝාතනයට ලක්වූ ඉංජිනේරුවරයාට අයත් තවත් පර්චස් 105ක පමණ ඉඩමක් සම්බන්ධයෙන් ද ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

19 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago