ශ්‍රී ලංකා

විදුලිබල මණ්ඩලය පාඩු ලබන පසුබිමක සේවකයින්ට බිලියන ගාණක බෝනස් ගෙවලා !

විදුලිබල මණ්ඩලය පාඩු ලබමින් තිබියදී 2021 වර්ෂයේදී කෙටුම්පත් සාමූහික ගිවිසුම් මත පදනම්ව මණ්ඩලයේ සේවකයින්ට රුපියල් බිලියන 2.7ක් ප්‍රසාද දීමනාවක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

එමෙන්ම විදුලිබල මණ්ඩලය විසින් 2021 වර්ෂයේ දී සේවක වැටුප සියයට 25කින් වැඩි කරගෙන තිබු අතර මේ නිසා මණ්ඩලයට සිදු වු අහිතකර බලපෑම රුපියල් බිලියන 9.6ක් බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

තවද චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය මත පමණක් වරින් වර විවිධ කාර්යමණ්ඩල දිමනා විදුලි බලමණ්ඩලයේ සේවකයින්ට ගෙවා තිබුණා.

ඒ අනුව 2021 වර්ෂයේදී ගෙවා ඇති විවිධ කාර්යමණ්ඩල දිමනාව රුපියල් මිලියන 2,134.9ක්.

2020 වර්ෂයේ දි දිමනා සදහා රුපියල් මිලියන 1544.4ක් ගෙවා තිබුණා.

අධ්‍යක්ෂක මණ්ඩලයේ හා අමාත්‍ය මණ්ඩලයේ තිරණ වලට පටහැනව සේවකයින් 323 දෙනෙකු සදහා ගෙවා ඇති දීමනාව ඔවුන්ගේ වැටුපෙන් සියයට 65ක් ඉක්මවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago