නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන ඒම සඳහා ධාවනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් ලොරි රථයේ ගමන් ගත් 14 දෙනෙකු බරපතළ තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
අද (මාර්තු 5) දින උදැසන 9.00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ, නුවරඑළිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය ලබුකැළේ තේ කර්මාන්තශාලාව අසලදීය.
පොලිසිය සඳහන් කළේ, නුවරඑළිය ලබුකැළේ ප්‍රදේශයේ පිහිටි එළවළු ගොවිපොළකින් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු රැගෙන ඒමට ගිය කම්කරුවන් පිරිසක් අනතුරින් තුවාල ලබා ඇති බව ය.
අනතුරින් තුවාල ලැබූ පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ත් අධික වේගයෙන් ධාවනය කර ඇති ලොරි රථයේ වේගය පාලනය කිරිම සඳහා රියැදුරු තිරිංග ක්‍රියාත්මක කිරිමේදි ලොරි රථය රියැදුරුගේ පාලනයෙන් මිදි ඇදී ගොස් ප්‍රපාතයට පෙරළී මෙම අනතුර සිදු වී ඇති බව ත් අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන නුවරඑළිය පොලිසිය පැවසීය.
අනතුරින් තුවාල ලැබූ පිරිස කොත්මලේ පොලිසියේ නිලධාරීන් සහ ලබුකැළේ ප්‍රදේශවාසීන් එක්ව රෝහල්ගත කර ඇත.
ලොරි රථය අනතුරට පත් වන අවස්ථාවේ ලොරි රථයේ 15 දෙනෙකු ගමන් කර ඇති බව ත් ඉන් එක් අයෙකු ලොරි රථය පෙරළෙන අවස්ථාවේ ඉන් පැන බේරී ඇති බව ත් අනතුරින් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බව ත් පොලිසිය පැවසීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…