ශ්‍රී ලංකා

පාන් කන්න කැමති අයට සුභ පණිවිඩයක් !

පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල අඩු කරනවා මිස තවත් වැඩි කිරීමට සූදානමක් නැති අතර අඩුම තරමින් පාන් ගෙඩියක් රුපියල් 100ක් දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් . කේ .ජයවර්ධන පවසයි .
මේ සඳහා රජයේ සහාය බලාපොරොත්තු වන බවත් දැනට අඩාල වී ඇති බේකරි කර්මාන්තය යථා තත්ත්වයට පත්කළ හැක්කේ ද පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කළහොත් පමණක් බවත් ඔහු කීය .

මේ වන විට පාන් ගෙඩියක් රුපියල් 150ත් 160ත් 170 සහ ඇතැම් ප්‍රදේශ වල 180 ටත් අලෙවි කරන බව පවසන සභාපතිවරයා එම මිල ගණන් පාරිභෝගිකයාට කිසිසේත් දරාගන්නට නොහැකි බවත් එම නිසාම පාන් බනිස් අලෙවිය සියයට 20ත් 25 ත් අතර ප්‍රමාණයකින් මේ වන විට අඩු වී ඇතැයි ද පැවැසීය .

විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් බේකරි කර්මාන්තයට විශාල බලපෑමක් වන අතර මෙය බේකරි කර්මාන්තය බිඳ වැටීමට හේතු වී ඇති බවත් එහෙත් බේකරි කර්මාන්තය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය නිසා එම බර බේකරි හිමියන්ට ඉතා අපහසුවෙන් දරාගැනීමට සිදුවී ඇති අතර බේකරි කර්මාන්තයට බලපාන විවිධ ගැටලු නිසා 7000 ක් පමණ වන බේකරි වලින් 5000 කටත් වඩා වැසී ගොස් ඇති බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago