බංගලාදේශයේ අගනුවර ගොඩනැගිල්ලක පිපිරීමකින් 16ක් මරුට (VIDEO)

බංගලාදේශයේ ඩකා අගනුවර ගොඩනැගිල්ලක පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ පිපිරීම හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් ඇති බව එම වාර්තා පවසයි.

පිපිරීම හේතුවෙන් 100ක ආසන්න පිරිසක් තුවාළ ලබා ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ගිනි නිවීමේ සේවා නිලධාරියෙක් වන දිනමෝනි ෂර්මා උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ, මහල් හතකින් යුත් ගොඩනැගිල්ලක් තුළ මෙම පිපිරීම සිදුව ඇති අතර, එහි මහල් දෙකකට දැඩි හානි සිදුව ඇති බවයි.

අදාල ගොඩනැගිල්ල තුළ සනීපාරක්ෂක උපකරණ සහ ගෘහ භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් කිහිපයක් තිබී ඇති අතර පිපිරීමෙන් ගොඩනැගිල්ලේ ප්‍රතිවිරුද්ධ පැත්තේ නවතා තිබූ බස් රථයකට ද හානි සිදුවී ඇති බවයි එම නිලධාරියා සඳහන් කර ඇත්තේ.

පිපිරීමට හේතුව අපැහැදිලි බවත්, මුදාගැනීමේ මෙහෙයුම් සිදුවෙමින් පවතින බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් දක්වා සිටිනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago