අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
උද්ඝෝෂණයට එක්වන පුද්ගලයින්ට අද පෙරවරු 11:00 සිට රාත‍්‍රී 10:00 දක්වා කාලය තුළ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ ගාලූමුවදොර පිටිය යන පරිශ‍්‍රයන්ට ඇතුළුවීමෙන් වළකින ලෙසයි අදාළ නියෝගයේ දැක්වෙන්නේ.
මීට අමතරව නම් කරන ලද කොළඹ මාර්ග රැසක් අවහිර කිරීමෙන් වළකින ලෙසද අධිකරණය අදාළ උද්‍ඝෝෂකයින්ට නියෝග කර තිබෙනවා.
එම නියෝගය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය සංගම් 16ක ක‍්‍රියාකාරීන්ට සහ ඊට සහභාගි වන තැනැත්තන්ට අදාළ වන බවද එහි වැඩිදුරටත් සඳහන්.
කෙසේවෙතත් අන්තරේ උද්ඝෝෂණය මර්දනය කිරීම සඳහා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට විශාල පොලිස් බළ ඇණියක් ගෙන්වා තිබෙනු දක්නට ලැබෙන බව ආරංචි මාර්ග සදහන් කරයි
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…