වායු දූෂණය වන බස් රථ හඳුනාගෙන එහි බලපත්‍රය සිය භාරයට ගෙන, වායු දුෂණයට අදාළ දෝෂ නිවැරදි කර පෙන්වීමට මාසයක කාලයක් දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
බස්නාහිර පළාතේ බස් රථ මගින් සිදුවන වායු දූෂණය වැළැක්වීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම උපදෙස් පිළිනොපදින්නේ නම් වාහන හිමිකරුවන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමටත් දෙපාර්තමේන්තුව සූදානම් වනවා.
බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ අහඹු සමීක්ෂණයකදී ධාවනය වන මගී ප්‍රවාහන බස් රථවලින් සියයට 50කින් වායු දූෂණය වන බව හෙලිදරව් වී ඇති අතර එම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…