ශ්‍රී ලංකා

වීරකැටිය උණුසුම් කල යුද්ධය – පොලිසියේ නිලධාරීන් 6ක් රෝහලේ (VIDEO)

හම්බන්තොට – වීරකැටිය- අත්තනයාය ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ සෝදිසියක් අතරතුර ඇති වු බහින්බස් වීමක් දුරදිග යාමෙන් වීරකැටිය පොලිසියේ නිලධාරීන් 06 දෙනෙකු, සිවිල් ආරක්ෂක භටයෙකින් දෙදෙනෙකු හා ගම්වාසීන් දෙදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

බරපතළ තත්ත්වයේ පසු වු පොලිස් නිලධාරියෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ඊයේ පස්වරුවේ වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් පිටත්ව ගොස් ඇති අතර එම නිලධාරීන් යලි පොලිස් ස්ථානයට පැමිණෙමින් සිටියදී මෙම ගැටුම ඇති වී තිබෙනවා.

ඒ වීරකැටිය – අත්තනයාය ප්‍රදේශයේ මගමග රැඳී සිටි පිරිසක් පිළිබඳ සැකසිතී ඔවුන්ව පරීක්ෂා කිරීමටයාමේදී. එහිදී ගම්වැසියෙකු විසින් පොලිස් නිලධාරියෙකුගේ කන් දෙක සපා කා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඇති වු නොසන්සුන්තාවත් සමග ඇති වු ගැටුමෙන් වීරකැටිය පොලිසියේ නිලධාරීන් 06 දෙනෙකු, සිවිල් ආරක්ෂක භටයින් දෙදෙනෙකු සහ ගම්වාසීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි පොලිසිය පැවසුවේ. කනට තුවාල සිදු වු පොලිස් නිලධාරියා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකොට රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් වීරකැටිය අත්තන යාය ප්‍රදේශයේ එකම පවුලේ 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද දිනයේ වලස්මුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago