හිරු අයිතිකරු රෙනෝ ද සිල්වා සම්පත් බැංකුවේ අයිතියෙන් සියයට 6ක් ගනී !

හිරු මාධ්‍ය ජාලයේ හිමිකරුවා වන රෙනෝ ද සිල්වා සම්පත් බැංකුවේ කොටස් සඳහා රුපියල් කෝටි 100ක් එනම් බිලියනයක් ආයෝජනය කරමින් සිය කොටස් හිමිකාරීත්වය සියයට 6 ඉක්මවා අත්පත් කරගෙන ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු රුපියල් 56 බැගින් කොටස් මිලියන 20ක් පසුගිය සිකුරාදා වන විට ලබා ගෙන ඇති අතර ඒ අනුව ඔහුගේ සියයට 2.84ක්ව පැවති සම්පත් කොටස් හිමිකාරීත්වය සියයට 6 ඉක්මවා වර්ධනය කරගෙන ඇති බව ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

මෙම ආයෝජනයේ ඉදිරියේ ඇති ප්‍රතිලාභ සලකමින් එය සිදු කළ බව පවසමින් එම පුවත්පතට අදාල ගනුදෙනුව පිළිබඳව රෙනෝ ද සිල්වා සනාථ කර තිබේ.

රෙනෝද සිල්වා වෘත්තීය අලෙවිකරුවකු වන අතර ඔහු මේ වනවිට හිරු නාළිකා අයත් ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් සමාගමේ හිමිකරුවා වෙයි.

සම්පත් බැංකුවේ වැඩිම කොටස් හිමිකාරීත්වය දරන්නේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ පාලනය යටතේ ඇති වැලිබල් වන් සමාගමටය. එය සියයට 15ක ප්‍රතිශතයකි.

අපයනන සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රභාෂ් සුබසිංහ ගේ පාලනය යටතේ ඇති අයෙන්කා හෝල්ඩිංග්ස් සමාගමට සහ සේවක අර්ථ සාධක අරමුදලටද සියයට 9.97ක් බැගන් සම්පත් බැංකුවේ කොටස් අයිතිකාරීත්වයක් ඇත.

ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගමේ නිර්මාතෘ ඉන්ද්‍ර කුමාර ද සිල්වාට සම්පත් කොටස්වලින් සියයට 8.2ක් හිමි වන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Ceylon News Factory

View Comments

  • Lasantha ranjan 7267 lasantha ranjan youtube channel maru waba neyamae සුභ උපන්දිනයක් මේවා සිල්වා මහතාට

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago