ශ්‍රී ලංකා

මිනිස් ජාවාරමේ මහ මොළකරු ජවිපෙ මන්ත්‍රී කෙනෙක් – ඇමති මනූෂ කියයි !

තායිලන්තය හරහා විවිධ නීති විරෝධී ක්‍රියාවන් සඳහා ශ්‍රි ලාංකික තරුණයන් යැවීමේ ජාවාරමේ මහ මොළකරු අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රිවරයකු බව ට දැනට හඳුනාගෙන ඇති බවත් සැඟවී සිටින මොහු අත් අඩංගුවට ගැනීමට මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරමින් පවතින බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද (09) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.

මෙම මිනිස් ජාවාරමට වැඩිපුරම ගොදුරු වී ඇත්තේ හම්බන්තොට දිසත්‍රික්කයේ තරුණ තරුණියන් බවත් ඔවුන් පරිගණක හරහා පුද්ගලයන්ගේ රහසිගත තොරතුරු ලබා ගැනීම වැනි භයානක ක්‍රියා සඳහා යොදවා ගෙන ඇති අතර දැනට අත්අඩංගුවට ගෙන ඇති පුදගලයකුට අනුව මෙම මහ මොළකරු හඳුනාගෙන ඇතැයි ද අමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණු ප්‍රශ්න විමසීමකදී අදහස් දැක්වීය.

එහිදි තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම පුද්ගලයා ගේ දේශපාලනය පිළිබඳව අනාවරණළය වීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමු‍ණ ඔහු නීතියේ රැහැනට අල්ලා දෙන බව ප්‍රකාශ කළද මෙතෙක් එවැනි දෙයක් සිදුව නැති බවත් පක්ෂයෙන් මොහු පිළිබඳව කිසිදු තොරතුරක් අදාල විමර්ශන අංශවලට ලබා දී නැති බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ චීනයෙන් ගෙන්වූ අසූචි පොහොර නැව ගෙන්වීම් ක්‍රියාවලියේ ප්‍රධාන පුද්ගලයකු ලෙස සැලකෙන නිමල් ජයසුන්දර නැමැත්තාද ඊළඟ පළාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගය යටතේ වත්තල ප්‍රාදේශීය සභාවට තරඟ කරන බවට තොරතුරු හෙළිව ඇති බවය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago