ශ්‍රී ලංකා

විදෙස්ගත වෙන්න ගිහින් මහින්දානන්දට වුණ කරදරය !

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විදෙස්ගතවීම සඳහා ඊයේ (10) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ ඔහු විදෙස්ගතවීම වැළැක්වීමට ආගමන විගමන පාලක නිලධාරීන් කටයුතු කර තිබේ.

ඒ, ඔහුට එරෙහිව මතුගම අධිකරණයෙන් ලබාගත් විදෙස් ගමන් තහනමක් ඇති බව පවසමිනි.

ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය විදෙස් ගමන අවලංගු කර ඇත.

කෙසේවෙතත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර ඇත්තේ තමන්ට එරෙහිව එවැනි කිසිදු නඩු කටයුත්තක් හෝ විදෙස් ගමන් තහනමක් මතුගම අධිකරණයකින් පනවා නොමැති බවය.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ආගමන විගමන පාලකවරයාවද අද දැනුම්වත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයාගෙන් විමසීමක් කළ විට ඔහු සඳහන් කළේ දත්ත පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මෙවැනි වැරැදීමක් සිදුවන්නට ඉඩ ඇතැයි සිදුකළ මූලික සොයාබැලීමකදී පෙනී ගොස් ඇති බවය.

කෙසේවෙතත් මීට සත්‍ය වශයෙන්ම බලපෑ හේතුව කුමක්දැයි අනාවරණය කරගැනීම
සඳහා ලබන සඳුදා පරීක්ෂණයක් පවත්වන බව ආගමන විගමන පාලකවරයා සඳහන් කළේය.

පරීක්ෂණ අවසන්වනතුරු මෙම සිද්ධිය හා සම්බන්ධ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ආගමන විගමන පාලකවරයා පියවර ගෙන තිබේ.

මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාට කොළඹ මහාධිකරණයෙන් මීට පෙර විදෙස් ගමන් තහනමක් පනවා තිබූ නමුත් ඒ මහතා අධිකරණයට කරුණු දැක්වීමකින් පසු අදාළ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

ආගමන විගමන පාලකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ දත්ත සම්බන්ධයෙන් පද්ධතියේ පැවති දෝෂය නිවැරදි කිරීමෙන් අනතුරව ඔහුට විදෙස්ගතවීම සඳහා අද (11) අවසර ලබාදුන් බවය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago