ඉන්දියානු ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු මුදල් වලින් මේ වසර සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ කටයුතුවලට මුදලක් වැයකර ඇති බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසනවා.
ඒ අමෙරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් බවයි වාර්තා වන්නේ.
ඔවුන් පෙන්වා දෙන්නේ එමඟින් මේ වසර සඳහා අවශ්‍ය සමස්ත පෙළපොත් ප්‍රමාණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට හැකියාව පවතින බවයි.
ඒ අනුව මෙරට ලක්ෂ 40ක පමණ පාසල් සිසුන්ගෙන් සියයට 45ක පමණ ප්‍රමාණයකට පෙළපොත් මුද්‍රණය කිරීමට එම ආධාර මුදල ඉවහල් වන බව සඳහන්.
ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදයට මුහුණ දීම සඳහා ඉන්දියාව විසින් පසුගිය වසරේ අමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර මුදලක් ලබා දී තිබෙනවා.
පසුගිය මාර්තු මාසයේ මෙම ආධාර මුදල ඉන්දියාව විසින් ලබා දී තිබුණේ ආහාර, ඉන්ධන, ඖෂධ, කාර්මික අමුද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහායි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…