ශ්‍රී ලංකා- චීන ආර්ථික , අධ්‍යාපන සහ සංස්කෘතික සංගමය ස්ථාපනය කෙරේ. බෙයිජිං අගනුවර තානාපති කාර්යාලයේ දී අද (11) එහි සමාරම්භක හමුව පැවැත්විණ.
ජනාධිපති කාර්යාලයේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම සංගමය ක්‍රියාවට නැංවෙයි. චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් හා ආයෝජකයන් මෙන්ම වෘත්තිකයන්ගේ නිපුණතා සඳහා මෙය පුළුල් වේදිකාවක් බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පැවසීය. දෙරට අතර ආර්ථික, අධ්‍යාපන හා සංස්කෘතික අංශවල සබඳතා පුළුල් කිරීමට මෙම සංගමයෙන් පුළුල් දායකත්වයක් සැපයීමට අපේක්ෂිතයි. සංගමයේ නිලධාරි මණ්ඩලය මෙහිදී පත්කෙරුණු අතර, සභාපතිවරයා ලෙස ප්‍රවීණ ව්‍යවසායක චිරංජය උඩුමුල්ලගේ මහතා තෝරාගනු ලැබීය.
චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්, වෘත්තිකයන් හා විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…