තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරි ඇති බලතල අනුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි.
තැපැල් සේවයට අදාළව රාජ්‍ය සංස්ථාවකින් හෝ රාජ්‍ය දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමුපකාර සමිතියකින් හෝ එවායේ ශාඛාවකින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන බවට සහ එකි සේවාවාන් පවත්වාගෙන යාමට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බවට සැලකිල්ලට ගනිමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇතැයි සඳහන් ය.
ජනාධිපතිවරයා විසින් පසුගිය 28 වැනි දා වරාය, ගුවන්තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට නම් කරමින් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
මේ යකා ගැසට ගහනවා විතරයි රටේ එවුන් පඩේකට ගනන් ගන්නේ නෑ,ඔයා මේ රටේ ජනාධිපති කියලා රටේ මිනිස්සු පිලිගන්නේ නෑ,ඉල්ලා අස්වෙලා චන්දයකින් එන්න මහත්තයෙක් වගේ