ශ්‍රී ලංකා

නවසීලන්ත / ශ්‍රී ලංකා එක්දින තරගාවලිය – නවසීලන්ත කණ්ඩායමේ ප්‍රභලයින් රැසක් හැලෙයි !

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ආරම්භවීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට එක්වන නවසීලන්ත එක්දින සංචිතය නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට මේ වනවිට දක්ෂතා අතර සිටින නවසීලන්ත ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම එක්කර නොතිබීම විශේෂත්වයක්.

ටොම් ලේතම් විසින් මෙම සංචිතයට නායකත්වය ලබාදෙන අතර, කේන් විලියම්සන්, ටිම් සවුති, ඩෙවොන් කොන්වේ, මිචෙල් සැන්ට්නර් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් මෙම සංචිතයට එක්කර නැහැ.

මෙම එක්දින තරගාවලිය ආරම්භවන කාල සීමාව තුළ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භවීම හේතුවෙන් ඔවුන් එම තරගාවලියට නිදහස් කිරීමට මෙම තීරණය ගෙන ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

නවසීලන්ත සංචිතයට නම්කර ඇති ෆින් ඇලන්, ලොකී ෆර්ගියුසන් සහ ග්ලෙන් ෆිලිප්ස් මාර්තු 25 වැනිදා ඊඩ්න් පාර්ක්හි පැවැත්වෙන පළමු එක්දින තරගය සඳහා ක්‍රීඩා කරන අතර, පසුව ඔවුන් අයි.පී.එල්. තරගාවලිය වෙනුවෙන් ඉන්දියාව බලා පියාසර කරනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එක්දින තරගාවලියට නම් කළ නවසීලන්ත සංචිතය පහතින්.

ටොම් ලේතම් (නායක), ෆින් ඇලන්, ටොම් බ්ලන්ඩෙල්, චැඩ් බෝව්ස්, මයිකල් බ්‍රේස්වෙල්, මාර්ක් චැප්මන්, ලොකී ෆර්ගසන්, මැට් හෙන්රි, බෙන් ලිස්ටර්, ඩැරල් මිචෙල්, හෙන්රි නිකොල්ස්, ග්ලෙන් ෆිලිප්ස්, හෙන්රි ෂිප්ලි, ඉෂ් සෝදි, බ්ලෙයාර් ටිකනර්, විල් යං.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago