රටේ මගී ප්‍රවාහන පද්ධතිය අඩපණ කිරීමට පෞද්ගලික බස් සංගම් ඉඩ නොතබන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ හෙට දිනයේ දුම්රිය වර්ජනය කරන්නේ නම් අතිරේක බස් රථ පවා ධාවනයට එක් කිරීමට සිය සංගමය සූදානම් බවය.
“පෞද්ගලික බස් රථ හෙට දිනයේ සුපුරුදු පරිදි ධාවනය කරනවා. වෘත්තීය සංගම් කිහිපයක් හෙට දිනයේ වැඩවර්ජන කරනවා රට අඩපණ කිරීම සඳහා.”
“අපි මේ රට අඩපණ කරන්න ඉඩ දෙන්නේ නැහැ. මෙම වර්ජන හරහා කරන්න යන්නේ IMF වැඩසටහන කඩාකප්පල් කරන්න.”
“දුම්රිය වර්ජනයක් තියෙනවා කියලා දැනගන්න ලැබුණා. අපි කියනවා..තව දින කිහිපයක්ම වර්ජනය කරන්න. ඒක අපිට හොඳයි. අතිරේක බස් රථත් අපි යොදවනවා. ලංකාව පුරාම අපේ බස් රථ 13,000ක් 15,000ක ප්‍රමාණයක් හෙට දිනයේ ධාවනය කරනවා.”
වෛද්‍ය, වරාය, විදුලි, ජල, දුම්රිය, තැපැල්, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති හෙට (15) දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් දියත් කිරීමට සූදානමින් සිටී.
මෙවන් පසුබිමක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (14) දෙවන දිනටත් පළාත් 05ක සියලු රජයේ රෝහල්වල වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…