ශ්‍රී ලංකා

කුඩු සළිඳු ඝාතනය කිරීමේ උත්සහයක් ? – මව අභියාචනාධිකරණයට යයි !

මැඩගස්කරයේදී පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනාගෙන් එක් අයකු වන කුඩු සළිඳු හෙවත් සලිඳු මල්ෂික ගුණරත්න පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහුගේ ජීවිතයට හානියක් සිදුවීමට ඇති ඉඩකඩ වළකන නියෝගයක් නිකුත් කරන ලෙස මෙන් ඔහුගේ මව විසින් ඊයේ (14) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කොට ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරු නඳුන් චින්තක හෙවත් හරක් කටා මැඩගස්කරයේ සිට වෙනත් රටකට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී එරට ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගන්නා ලද අතර ඔහු සමග අත්අඩංගුවට ගත් සෙසු අට දෙනා අතර සලිඳු මල්ෂිකා ගුණරත්න හෙවත් කුඩු සලිඳු ද විය.

ඔහුගේ මව වන පෙත්සම්කාරිය පවසන්නේ 26 හැවිරිදි තම පුත්‍රයා මේ වන විට පිටුවහල් කරමින් සිටින බව හෝ මැඩගස්කරයෙන් පිටුවහල් කිරීමට කටයුතු කරමින් සිටින බවත්, දැනට ශ්‍රී ලංකා පොලිසියේ භාරයේ තබා ඇති බවත්ය.

තමා දන්නා තරමින් තම පුත්‍රයා අධිකරණ කිහිපයක අපරාධ නඩු හයකට අදාළව සැකකරුවෙකු ලෙස හෝ අධිචෝදනා ලබා ඇති බවත් මෙලෙස අත්අඩංගුවට පත්ව සිටින පුද්ගලයන්ගේ මරණ සිදුවීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සිදුවීමක් බවය. ඔවුන්ගේ ජීවිතවලට සිදුවිය හැකි ආසන්න අනතුර සම්බන්ධයෙන් එම පුද්ගලයින්ගේ පවුලේ අය සහ නීතිඥයින් විසින් නිශ්චිත අනතුරු ඇඟවීම් නොතකා ස්ථානගත කිරීම සිදුවන බවත් ඇය මෙම පෙත්සමින් පෙන්වා දී ඇත.

එහිදී ඇය තවදුරටත් සිය පෙත්සම මඟින් පෙන්වා දී ඇත්තේ මාකඳුරේ මධුෂ් ඝාතනය කිරීමට පෙර ඔහුගේ බිරිඳ ඒ බව මානව හිමිකම් කොමිසමට ලිඛිතව දන්වා ඇති බව තමන් දන්න්නේ යැයි පෙත්සම්කාරිය පවසයි

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago