ශ්‍රී ලංකා

කෝටිපති ස්වර්ණාභරණ ව්‍යාපාරිකයා සහ වෙළෙඳසල් සේවිකාවක් එකම දිනයේ ගෙළ වැළලාගෙන මියගිහින් !

යාපනය නගරයේ සුප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවි සැල් දෙකක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෙකු හා එම වෙළද සැලක සේවය කළ සේවිකාවක් එකම දිනක, යාපනයේ ස්ථාන දෙකක, ගෙළ වැළලාගෙන මියගොස් සිටිය දී ඔවුන්ගේ මළ සිරුරු දෙක ඊයේ (14) සොයා ගත් බව යාපනය පොලීසිය පැවසීය.

යාපනය නාවන්තුරේ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක් මෙම සවර්ණාභරණ අලෙවි සැලක සේවය කොට ඇති අතර ඇය නාවන්තුරේ ප්‍රදේශයේදීම ගෙළ වැළලාගෙන මියගොස් තිබේ.

මේ සිද්ධිය දැනගත් වහාම ස්වරණාභරණ වෙළද සැල් දෙකේ අයිතිකරු එම ස්ථානයට ගොස් දුක් වී පවුලේ ඥාතීන්ට අවසන් කටයුතු කරගෙන යාම සදහා මුදල් ආධාරයක්ද ලබා දී ඔහු ආපසු පැමිණ ඇත.

එම සිද්ධියෙන් පැය දෙකකට පමණ පසුව ව්‍යාපාරිකයා යාපනයේ ආනයිපාණ්ඩි නාවලර් වීදියේ පිහිටි පදිංචිව සිටි නිවස තුළ ගෙළ වැළලාගෙන මියගොස් සිටියදී පොලිසියට ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට හැකි වී තිබේ.

මෙම ව්‍යාපාරිකයා වයස අවුරුදු 48 ක ව්‍යාපරිකයෙකු වන අතර ඔහුගේ බිරිය හා දරුවන් හතර දෙනා කොළඹ පදිංචි වී සිටින බවට පොලිසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මේ දෙදෙනා එකම දිනයක සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත් තරුණිය ගෙළ වැළලාගෙන මියයාමෙන් පසුව තරුණියගේ ඥාතීන් කීප දෙනෙකු ව්‍යාපාරිකයා එම මරණයට වගකිව යුතු බව ප්‍රකාශ කරමින් ඔහුට බැන වැදී පහර දීමට උත්සහ කළ බවට නාවන්තුරේ ගම්වාසී පිරිසක් ප්‍රකාශ කළහ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago