ශ්‍රී ලංකා

මුදල් අමාත්‍යංශය තවත් කප්පාදුවකට සැරසෙයි !

2015 මැයි මස 15 වැනි දින සිට ක්‍රියාත්මක වූ මුදල් අමාත්‍යංශය මඟින් නිකුත් කළ චක්‍රලේඛය අනුව ප්‍රකාශයට පත් කළ රාජකාරී විදේශ ගමන් සඳහා විනිමය මුදාහැරීම හා ඒ ආශ්‍රිත වියදම් සීමා කිරීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංච් මාර්ග පවසනවා.

ඒ අනුව, අනියම් දීමනා ගෙවීමේදී අධ්‍යයන, පුහුණු, සාකච්ඡා, සම්මන්ත්‍රණ ආදී කුසලතා සංවර්ධනයට අදාළ විදෙස් ගතවීමේදී එක්දිනකට අමෙරිකානු ඩොලර් 40ක් බැගින් උපරිම දින 30ක් සඳහා වූ දීමනාව අමෙරිකානු ඩොලර් 25ක් දක්වා අඩු කර දින 15ක් දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම නිල දූත කාර්යන් හෝ වෙනයම් විදෙස් රාජකාරී කටයුත්තක් සඳහා රජය නියෝජනය කිරමින් විදෙස් ගතවීමේදී එක්දිනකට අමෙරිකානු ඩොලර් 75ක් බැගින් උපරිම දින 15ක් සඳහා වූ දීමනාව ද අමෙරිකානු ඩොලර් 40ක් දක්වා අඩු කර දින 10ක් දක්වා සීමා කිරීමටද පියවර ගෙන තිබෙනවා.

සංයුක්ත දීමනා ගෙවීමේදී රටවල් කාණ්ඩ පහක් යටතේ පළමු හා දෙවන ගණය යටතේ ගෙවීම් සිදු කළ සියළු දීමනාවන් 30% කින් අඩු කිරීමටද තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් සහ සභාපතිවරුන්/ මහා නගර සභා පුරපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් මෙම සීමා කිරීම් හේතුවෙන් බලපෑමට ලක්වන බවයි වාර්තා වන්නේ.

එසේම නිල සංචාරයකදී දූත පිරිසට නායකත්වය දෙන අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඉල්ලීම පරිදි හිමිවන අමෙරිකානු ඩොලර් 750ක් වන සංග්‍රහ දීමනාවද සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට පියවර ගෙන ඇති අතර මෙම වියදම් සීමා කිරීමේ තීරණය මාර්තු මස 20 වැනිදා සිට ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago