වසර 4කට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සහ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සහරාන්ගේ බිරිඳ වන ෆාතිමා හාදියා දැඩි ඇප කොන්දේසි මත අද මුදා හැරුණා.
ඒ කල්මුණේ මහාධිකරණය මගින්.
පුලස්තීනී රාජේන්ද්‍රන් නොහොත් සාරා සම්බන්ධයෙන් තොරතුරු වසන් කරමින් පාස්කු ප්‍රහාරය සිදු කිරීමට ඉඩ සැලසූ බවට ෆාතිමා හාදියාට එරෙහිව කල්මුණේ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
නඩුව අද කල්මුණේ මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොස්කි හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබා දෙමින් සැකකාරිය ඇප මත මුදා හැරුණා.
එහිදී අධිකරණය රුපියල් 25,000ක මුදල් ඇපයක්, රුපියල් ලක්ෂ 25 බැගින් වු ශරීර ඇප 2ක් නියම කෙරුණා.
සැකකාරියට මෙන්ම ඇපකරුවන්ට ද විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුවා.
සෑම ඉරිදාවකම දහවල් 12ත් පස්වරු 4ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද අධිකරණය සැකකාරියට නියම කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…