දරුවන්ට කෲර ලෙස සැලකීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරතගව සිටිය දී මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ඇප මත නිදහස් කළ මහනුවර පුද්ගලික පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් හය දෙනා නැවත කැඳවා ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි පොලිසිය විසින් ගොනුකළ මෝසම සැලකිල්ලට ගනිමින් එම පිරිස කැඳවා ලබන 20 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළේය.
පහර කෑ දරුවන් රෝහල්ගත කර අධිකරණ පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු ඔවුන්ගේ දෙමව්පියන්ට භාර දී ඇත.
මහනුවර බොක්කාවල මොරන්කන්ද ප්‍රදේශයේ නේවාසිකව අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා පහසුකම් සලසන පෞද්ගලික පාසලක අධ්‍යාපනය ලබමින් සිටි ළමුන් පිරිසකට අමානුෂික ලෙස පහර දී වධ හිංසා සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ ලැබ සිටිය දී මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි විසින් විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුවන් හය දෙනා ඊයේ (15) ඇප මත මුදා හැරීමට නියෝග කළේය.
මෙම ඇප ලබා දීම සිදු වී ඇත්තේ ළමා හා කාන්තා කාර්යාංශය නොවිමසා පොලිසිය නොකැඳවා බව දැනගත් පසු මහනුවර පොලිස් ප්‍රධානීන් එක් වී කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීන්දුවට එරෙහිව මෝසමක් ඉදිරිපත් කිරීමට අද උදේ තීරණය කළේය.
මෙලෙස ඇප අවලංගු කර යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පී.ඩබ්ලිව්.සුජීව සම්පත් ලේකම්ගේ,එච්.ජී නුවන් ප්‍රදීප් පෙරේරා,පී.ජී පියතිස්ස,ශාන්ත බණ්ඩාර දිසානායක,හිමාෂි හංසිකා ගුණසේකර,කේ.ඩබ්ලිව් ප්‍රසාංග මොනෝජා දිල්හාරා නැමැති අයයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…