ශ්‍රී ලංකා

ඊළඟ පොලිස්පති තෝරාගැනීම ගැන නීතීඥ සංගමයෙන් ජනපතිට ලිපියක් !

ඊළඟ පොලිස්පතිවරයා පත් කිරීමේදී මානව හිමිකම් කඩ කිරීම්, වධ හිංසා පැමිණවීම් සහ අනීතික ක්‍රියා පිළිවෙත් සම්බන්ධයෙන් කිසිදු චෝදනාවකට ලක් නොවූ හෝ එවැනි කටයුතු සම්බන්ධයෙන් විත්තිකරුවකු නොවූ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත් කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.

වර්තමාන පොලිස්පති සී.බී වික්‍රමරත්න මහතා, නව විශ්‍රාමික චක්‍රලේඛයට අනුව මේ මස අගදී විශ්‍රාම යෑමට නියමිතව තිබෙන අතර නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් නීතිඥ සංගමය මෙලෙස ජනාධිපතිවරයාට මෙම ලිපිය යොමු කර ඇත.
එයින් නීතිඥ සංගමය තවදුරටත් සඳහන් කර සිටින්නේ මේ වන විට ශ්‍රී ලංකා පොලීසිය, එහි නිළධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා මහජන විශ්වාසය බිඳී අපකීර්තියට ලක්ව ඇති බවයි.

එම තත්ත්වයෙන් ශ්‍රී ලංකා පොලීසිය මුදාගෙන යළි මහජන විශ්වාසය දිනා ගැනීම සඳහා කිසිදු බරපතල චෝදනාවකට ලක් නොවූ නිළධාරියෙකු පත් කිරීම අත්‍යාවශ්‍ය බවත් බිඳ වැටුණු කීර්තිය හා විශ්වාසය යළි ගොඩනැඟිය හැක්කේ එවැනි නිළධාරියෙකුට පමණක් බවත් නීතිඥ සංගමය අවධාරණය කර සිටියි.

නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති බව සඳහන් වේ.

Ceylon News Factory

View Comments

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago