ශ්‍රී ලංකා

අනුරාධපුර රෝහලේ රෝගින්ගේ ජීවිත අනතුරේ !

අනුරාධපුර මහ රෝහලේ MRI ස්කෑන් යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් පිළිකා රෝගීන්‌ගේ සහ ස්නායුරෝගීන්ගේ සැත්කම් සිදුකර ගැනීමට නොහැකි වී මෙන් ඔවුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
පසුගිය ජනවරි මාසය තුල මෙම යන්ත්‍රය බිඳවැටී ඇති අතර එම බිඳවැටෙන මොහොත වන විට ලබන අප්‍රේල් 25 වන දින වනතෙක් පොරොත්තු ලේඛණය පිරි තිබුණු බව සංගමයේ ලේකම් චානක ධර්මවික්‍රම සඳහන් කළේය.

යන්ත්‍රය බිඳවැටුණ දිනයේ සිට එනම් ජනවාරි මාසයේ සිට පොරොත්තු ලේඛණයට අලුතින් රෝගීන් ලියාපදිංචි කර නොමැති බවද හෙතෙම පැවසුවේය.

අනුරාධපුර රෝහල හැරුණු කොට MRI යන්ත්‍රයක් පවතිනුයේ යාපනය ශික්ෂණ රෝහල තුළ පමණක් බැවින් රෝගීන් මහත් අසීරුතාවකට පත්ව ඇතැයිද වාර්තාවේ.

අදාළ සමාගමට සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු මුදල් ගෙවීමට නොමැති නමුත් සමාගම යන්ත්‍රය අලුත්වැඩියා කිරිම දිනෙන් දින කල් අරින බවත් මේ පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු සොයාබැලීමක් සිදු නොකරන බවත් සංගමය චෝදනා කරයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago