එක්සත් ජනපදයට එරෙහිව සටන් කිරීමට උතුරු කොරියානු වැසියන් 800,000 ක් පමණ ස්වෙච්ඡාවෙන් එරට හමුදාවට බැඳීමට ඉදිරිපත් වූ බව
උතුරු කොරියාවේ රාජ්‍ය පුවත්පත වන ‘රොඩොං සින්මුන්’ ඊයේ (18) වාර්තා කළා.
ඒ අනුව ගෙවුණු සිකුරාදා දිනයේ පමණක් රට පුරා සිසුන් සහ කම්කරුවන් 800,000ක් ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ බවයි එම පුවත්පත වාර්තා කර ඇත්තේ.
“හමුදාවට බැඳීමට තරුණ තරුණියන් දක්වන උද්යෝගය අපගේ වටිනා සමාජවාදී රට තුරන් කිරීමට උත්සාහ දරන යුද උන්මාදිකයන් අනුකම්පා විරහිතව අතුගා දැමීමට තරුණ පරම්පරාවේ නොසැලෙන කැමැත්ත ප්‍රදර්ශනය කිරීමක්. මෙලෙස ජාතික යලි එකමුතු කිරීමේ මහා අරමුණ නොවරදවා ම සාක්ෂාත් කර ගැනීමට ඉදිරිපත් වීම ඔවුන්ගේ උග්‍ර දේශප්‍රේමයේ පැහැදිලි ප්රකාශනයක්,” බවයි රොඩොං සින්මුන් පුවත්පත වාර්තා කළේ.
දකුණු කොරියානු සහ අමෙරිකානු හමුදා “Freedom Shield 23” නම් දින 11ක ඒකාබද්ධ අභ්‍යාස සඳුදා ආරම්භ කළ අතර ඊට ප්‍රතිචාර වශයෙන් උතුරු කොරියාව පසුගිය බ්‍රහස්පතින්දා සිය Hwasong-17 අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය (ICBM) දියත් කළේ, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ උතුරු කොරියාවට එරෙහිව සටන් කිරීමේ ක්‍රම සාකච්ඡා කරන සමුළුවක් සඳහා දකුණු කොරියානු ජනාධිපතිවරයා ටෝකියෝ වෙත පියාසර කිරීමට පැය කිහිපයකට පෙරයි.
කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා යටතේ උතුරේ බැලස්ටික් මිසයිල තහනම් කර ඇති අතර, පසුගිය දා උතුරු කොරියාව කළ මිසයිල අත්හදා බැලීම සෝල්, වොෂින්ටන් සහ ටෝකියෝ ආණ්ඩුවල දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…