පළාත් පාලන ආයතනවල නිල කාලය තවදුරටත් දීර්ඝ කිරීමට විෂය භාර අමාත්‍යවරයා සතුව එක් ප්‍රතිපාදනයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඡන්දයට මුදල් ලබා දිය හැකි කාලසීමාව පවසන්නේ නම් ඒ වනතෙක් පළාත් පාලන ආයතනවල කාලසීමා දීර්ඝ කිරීමට විෂය භාර ඇමතිවරයාට නීතිමය ප්‍රතිපාදන පවතින බවය.
මෙම ප්‍රකාශය කිරීමට පෙර මීට දෙසතියකට පමණ ඉහත දී පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පොහොට්ටුවේ සියලුම පළාත් පාලන ආයතනවල සභාපතිවරු සහ නගරාධිපතිවරුන් නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයට ගෙන්වා මාස හයක කාලයක් පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කරගත හොත් වැටුප් රහිතව සේවය කළ හැකිදැයි විමසා ඇත.
එහිදී සියලුම පළාත් පාලන ආයතන නියෝජිතයින් කිසිම විරෝධයක් පළ නොකර එම යෝජනාවට ඒකමතිකව එකඟ වි තිබේ.
අනතුරුව පසුගිය සතියේ අගමැති මෙන්ම විෂය භාර ඇමති දිනේෂ් ගුණවර්ධන හමුවී ඇති පොහොට්ටුවේ ප්‍රධානීන් පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කරන ලෙසට ඉල්ලීමක් කර ඇත.
ඒ සඳහා කිසිම ව්‍යවස්ථාපිත ඉඩක් නැති පෙනී ගියත් පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන් වෙත නොපවරා මේ මොහොතේ පවතින තත්ත්වය පිළිගෙන ඡන්දය පැවැත්වීම දීර්ඝ කාලීනව වැදගත් බව පොහොට්ටු ප්‍රධානීන්ගේ මතය වී ඇතැයි දැනගන්නට ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…