පාර්ලිමේන්තුවේ හිටපු 266කට පැන්ෂන් ගෙවන්න කෝටි 15ක් !

විශ්‍රාම වැටුප් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 266 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මින් මන්ත්‍රීවරුන් 120 දෙනෙකු පමණ මියගොස් සිටින හෙයින් එම විශ්‍රාම වැටුප් ඔවුන්ගේ බිරින්දෑවරුන්( වැන්දඹුවන්) ලබා ගන්නා බව වාර්තා වේ.

විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් වෙනුවෙන් වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 15 කට ආසන්නය.

එම වාර්තාවේ දැක්වෙන අන්දමට විශ්‍රාම වැටුප් ලබා ගන්නා හිටපු කාන්තා මන්ත්‍රීවරියන් සංඛ්‍යාව 15කි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් විසි තුන් දෙනකුද විශ්‍රාම වැටුප ලබා ගන්නා බව සඳහන් කරන එම වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ ස්වාමීන් වහන්සේලා පස් දෙනකුද විශ්‍රාම වැටුප් ලබන බව සඳහන් කරයි.

එල්ලාවල මේධානන්ද, උඩුවේ ධම්මාලෝක, කොටපොල අමරකීර්ති, අක්මීමන දයාරත්න, අපරැක්කේ පුඤ්ඤානන්ද එම ස්වාමීන් වහන්සේලා වෙති.

විශ්‍රාම වැටුප් ලබන කලාකරුවන්වන හිටපු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 4කි. මාලනී ෆොන්සේකා, ජීවන් කුමාරතුංග, උපේක්ෂා ස්වර්ණමාලි සහ රන්ජන් රාමනායක එම සිවු දෙනා වෙති.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන මන්ත්‍රීවරු දෙදෙනෙක්ද විශ්‍රාම වැටුප් ලබති. අර්ජුන රණතුංග සහ සනත් ජයසූරිය එම දෙදෙනාය.

දේශපාලන, ආගමික සහ කලා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි විද්වතකු මෙන්ම සන්නිවේදකයකු වන ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතා ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අතර ඔහුටද විශ්‍රාම වැටුපක් හිමි වන්නේය.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වැටුපෙන් (රුපියල් 54000) තුනෙන් එකකට එනම් රුපියල් 18095ක මුදලට, තවත් රුපියල් 25000ක දීමනාවක් එක්වීමෙන් මන්ත්‍රී විශ්‍රාම වැටුප සැකසෙයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලැබෙන විශ්‍රාම වැටුප රුපියල් 43095කි.

රුපියල් 25000ක දීමනාව පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුපට එක්වූයේ හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ කාලයේදීය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

වෑන් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

මීමුරේ කරඹකැටිය ප්‍රදේශයේ අද සවස වෑන් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව…

22 hours ago

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපයි!

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික…

22 hours ago

තලවතුගොඩ වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියා සහ ව්‍යාපාරිකයා රිමාන්ඩ්!

තලවතුගොඩ ප්‍රදේශයේ සමාජ ශාලාවක් අසල අද (19) අලුයම සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්…

1 day ago

වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බව​ට ලාල් කාන්තගෙන් සහතිකයක්!

කෙතරම් විරෝධතා සහ බාධක පැමිණිය ද වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බව කෘෂිකර්ම,…

1 day ago

ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට!

යූකැලිප්ටිස් වර්ගයේ ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් (19) දින උදෑසන 10:00ට පමණ පුද්ගලයෙකු එම…

1 day ago

සරුංගල් යවන්න එපා – කටුනායක ගුවන්තොටුපළෙන් ඉල්ලීමක්!

කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ ජනතාවගෙන්…

1 day ago