ශ්‍රී ලංකා

IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය කොටස ලැබෙන්නේ කවදාද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දෙන ඇමෙරිකනු ඩොලර් 2.9ක විස්තීර්ණ ණය පහසුකමට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හෙට (20) දිනයේදී පැවැත්වෙන මූල්‍ය අරමුදල් අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීමේදී ලබා දීමට නියමිත ය. ඒ අනුව මෙම ණය මුදලේ පළමු කොටස ලෙස ඩොලර් මිලියන 390ක් ලබන අඟහරුවාදා (21) වනවිට මහ බැංකු සංචිත වෙත ලැබීමට නියමිත බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. සාමාන්‍යයෙන් මෙම මුදල් විදේශ සංචිත තර කිරීම සඳහා පමණක් ලබා දුන්නද පළමු වතාවට ජාක්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ණය පහසුකම තුළ ශ්‍රි ලකාවේ අයවැය අතිරේකයක් ලෙසටද ණය මුදලින් කොටසක් ලබා දිමට පියවර ගෙන ඇති බව මහ බැංකු අධිපතිවරයා “ද සන්ඩේ ටයිම්ස්“ පුවත් පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර ඇත.

මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම හෙට ශ්‍රි ලංකා වෙලාවෙන් රාත්‍රියේ පැවැත්වීමට පළමු ණය කොටස මුදා හැරීමෙන් පසුව ඒ පිළිබඳව විවරණය කිරීම ජූනි මාසය පමණ වනවිට සිදු වීමට නියමිත වන අතර ඒ වනවිට දේශීය සහ විදෙශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයන් සම්පූර්ණ ව තිබෙනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා “සන්ඩේ ටයිම්ස්“ වෙත පවසා ඇත.

ඔහු මෙම සාකච්ඡාවෙදී පවසා ඇත්තේ ශ්‍රි ලංකාවේ ඩොලර් අර්බුදය නිමා වන බවයි. මෙම ණය කොටස ලැබීමත් සමඟ සෑම අංශයකම සේවාකරණයට සෑහෙන ඩොලර් සංචිතයක් පවතින බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago