පාතාලයේ සැඟවුන ඝාතකයෙක් බව ප්‍රකාශ වී ඇති බූරු මූණා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ තමන් නොමරන ලෙස පොලිස් නිලධාරීන්ගේ දෙපා අල්ලා වැඳ වැටී හඬමින් තමන්ට එල්ල වී ඇති ඝාතන චෝදනා 09න් 06ක් තමන් විසින් සිදුකළ බව පිළිගෙන ඇතැයි විමර්ශන අංශ පවසයි.
“බුදු සර්… මාව මරන්න එපා…” යැයි බූරු මූනා හඬමින් වැඳවැටෙන බව පොලිස් විමර්ශන අංශ වැඩිදුරටත් හෙලි කරයි.
රත්ගමදී 2022 වසරේ ජූලි මස 31 දා නිවෙසකට පැන කළ ඝාතනය,2022 ඔක්තොම්බර් මස 31 දා ගාල්ල මහාධිකරණයේ විභාග වෙමින් පැවති නඩුවකට පෙනී සිට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුව හික්කඩුවේ දී වෙඩි තබා ඝාතනය කිරීම, ඌරගස්මංහන්දියේ දී එක් අයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම, වැලිකඩ පොලිස් වසමේ අඹගහ හන්දියේ ව්‍යාපාරික ස්ථානයක පුද්ගලයෙක් ඝාතනය කිරීම සහ හංවැල්ල ආපනශාලාවක හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරීම ඔහු විසින් පිළිගෙන ඇති බව කියන ඝාතනයන්ය.
නාවික හමුදාවේ සේවය කරමින් සිටි තමන් රත්ගම විදුරගේ පාතාල කල්ලිය හා සම්බන්ධ වූයේ පොඩි ලැසීගේ කල්ලියෙන් තම පවුලට සිදුවන නිරන්ත කරදරවලින් බේරීමට බවත් පොඩි ලැසීට එරෙහි පාතාල කල්ලිය රත්ගම විදුරගේ කල්ලිය බවත් ඔහු හෙළි කර ඇත.
බූරු මූණා විසින් පවසා ඇත්තේ රත්ගම විදුරගේ උපදෙස් මත දකුණේ ඝාතන සිදු කළ ද හංවැල්ල ආපනශාලා හිමිකරු ඝාතනය කරන්නේ ඩුබායිහි සිටින ලලිත් කන්නංගර විසින් ලබා දෙන කොන්ත්‍රාත්තුවක් අනුව බවය.
ලලිත් කන්නංගර හඳුනා ගන්නේ රත්ගම විදුර මගින් දුරකථනයෙන් බව ඔහු පවසා ඇත. තමන් ඩුබායි රාජ්‍යය වෙත ගෙන්වා ගැනීමට ලලිත් කන්නංගර විසින් ලබා දුන් පොරොන්දුව නිසා එම ඝාතනයට බූරුමූණා මැදිහත් වී තිබේ.
කටුනායක ගුවන් තොටුපලේ දී ඔහු පොලිසියට හසුවීමෙන් අනතුරුව වාරියපොල රිට්ටාදෙණිය පන්සලේ චීවරධාරීන් ලලිත් කන්නංගර විසින් පොලිසියට එවා තිබුණ බවත් ඔහු නිදහස් කරගැනීමේ වැඩපිළිවෙළ සම්බන්ධව මෙම චීවරධාරීන් තමන්ව දැනුම්වත් කළ බවත් බූරු මූණා පවසා තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…