ශ්‍රී ලංකා

විද්‍යා ඝාතනයට මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුවන්ට නිදහස ලැබෙයි ද ?

විද්‍යා නමැති පාසල් දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුවන් විසින් ඔවුන්ට පනවා තිබෙන දඬුවමින් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචනා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

මෙම අභියාචනා පෙත්සම් අද (20) ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල විත්තිකරුවන්ගේ අභියාචනා ඔක්තෝබර් මස 06 වනදා විභාගයට ගැනීමට දින නියම කර තිබේ.

මෙම අභියාචනා කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාරගතව සිටින අදාළ සිද්ධියේ ප්‍රධාන විත්තිකරු වූ “ස්වීස් කුමාර්” ඇතුළු විත්තිකරුවන්ව දැඩි ආරක්ෂාව මැද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙනවිත් තිබුණි.

2015 වසරේ මැයි මස 13වනදා යාපනෙයේ දී විද්‍යා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයක් පැවැත් වූ යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විත්තිකරුවන් හත් දෙනෙකුට 2017 වසරේ දී මරණීය දණ්ඩනය නියම කළේය.

එම දඬුවම නියමකර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙසත් නියෝග කරන්නැයි එම විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා මගින් ඉල්ලා තිබේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

21 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago