අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සලිදු මල්ශික හෙවත් කුඩු සලිදු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වලට වෙනත් කිසිදු පාර්ශවයකට බලපෑම් කිරීමට ඉඩ නොතබන ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට නියෝග කර තිබෙනවා.
පොලිස්පතිවරයා විසින් එම නියෝගය ලබා දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ එහි අධ්යක්ෂවරයාටයි. Zoom තාක්ෂණය ඔස්සේ පැවති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සාකච්ඡාවකදී පොලිස්පති සී ඩී වික්‍රමරත්න අද මෙම උපදෙස් ලබා දී තිබෙනවා.
එහිදී පොලිස්පතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ සැකකරුවන් සම්බන්ධයෙන් දැනට විමර්ශන සිදු කරන කණ්ඩායම හැර වෙනත් කිසිදු පොලිස් කණ්ඩායමක හෝ ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ඉඩ නොදෙන ලෙසයි.
ඊට අදාළව බාහිර පාර්ශවයකින් යම් බලපෑමක් එල්ල වුවහොත් ඒ සම්බන්ධයෙන් පොලිස් සටහන් යොදන ලෙසද පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…