හික්කඩුව පොලිස් වසමේ දී ද්විත්ව ඝාතනයක් සිදුකිරීමට ආධාර අනුබල දුන් සැකකාරියක් හික්කඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හික්කඩුව පොලිස් වසමේ, තිරානගම ප්‍රදේශයේ මාර්ගයක යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 ගිනිඅවියකින් වෙඩි තබා පළා ගොස් තිබුණේ පසුගිය වසරේ ඔක්තෝබර් 31 වනදාය.
ඒ සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව එම ද්විත්ව ඝාතනය රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක් මත මේ වනවිට බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය භාරයේ සිටින ‘බූරු මුණා’ විසින් සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ.
ඒ අනුව වෙඩිතැබීම සඳහා යොදාගත් යතුරුපැදිය, ත්‍රීරෝද රථයක්, ටී 56 ගිනිඅවිය සහ මුදල් රුපියල් ලක්ෂ 20 බුරු මූණාට ලබාදී මනුෂ්‍ය ඝාතනය සිදුකිරීමට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකාරිය ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබුණි.
ඇය 31 හැවිරිදි හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සැකකාරිය ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 2ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…