ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පට්නා දුම්රිය ස්ථානයේ සවි කර ඇති සියලු දර්ශන තිර මත පෙරේදා රාත්‍රියේ අසැබි වීඩියෝ පටයක් ප්‍රචාරය වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මේ හේතුවෙන් දුම්රිය ස්ථානයේ සිටි මගීන් දැඩි අපහසුතාවට හා විමතියට පත් වූ බවයි එම වාර්තා පවසන්නේ.
අඛණ්ඩව මිනිත්තු 3ක කාලයක් එම වීඩියෝ පටය තිරගත වූ බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
සුපුරුදු පරිදි වෙළෙඳ දැන්වීම් වෙනුවට හදිසියේම අසැබි චිත්‍රපටයක් තිරගත වීමෙන් මගීන් අතර දැඩි නොසන්සුන්තාවක් ද පැතිර ගිය බව වැඩිදුරටත් වාර්තා වනවා.
කාර්යබහුල දුම්රිය ස්ථානයක් වන පට්නා දුම්රිය ස්ථානයේ ඒ මොහොතේ වැඩිහිටියන්, කාන්තාවන් සහ දරුවන් විශාල පිරිසක් සිටි බවත් එම වාර්තා සඳහන් කළා.
වහාම ක්‍රියාත්මක වූ මගීන් දුම්රිය පොලිසියට, දුම්රිය ආරක්ෂක බළකායට මේ බව පැමිණිලි කර එබෙන අතර ඒ අනුව දුම්රිය ස්ථානයේ දර්ශන තිර මත දැන්වීම් ප්‍රචාරය කිරීමේ වගකීම දරන එරට පොද්ගලික සන්නිවේදන ආයතනයේ කොන්ත්‍රාත් ගිවිසුම අවලංගු කිරීමටත්, එම ආයතනය අසාධු ලේඛනගත කිරීමටත් දුම්රිය අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් එරට දුම්රිය අධිකාරිය විසින් සිදු කරනු ලබන අතර, වැඩිදුර විමර්ශනය සඳහා පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන බවද වාර්තා වනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…