IMF ණය ලැබීමත් සමඟ බදු වලට සිදුවන දේ මෙන්න !

IMF විසින් ශ්‍රී ලංකාවට විස්තීරණ ණය පහසුකමක් ලබාදීමට අනුමැතිය ලබාදීමත් සමඟ බදු වර්ග කිහිපයක් යෝජනා කර ඇති බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසනවා.

එමෙන්ම බදු වර්ග කිහිපයක් කපා හැරීමට නියමිතව තිබෙන බව ද ඔහු සඳහන් කළා.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම බදු පැනවීම් සාමාන්‍ය ජනතාවට බරක් නොවන බවත්, ධනය යහමින් ඇති පුද්ගලයන්ට අදාළ වන ලෙස වලංගු වීමට නියමිත බවයි.

කෙසේවෙතත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අර්බුදයෙන් ගොඩඒමට නම්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන කඩිනමින් සහ කාලීනව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවයි.

අඛණ්ඩව ක්‍රියාත්මක වන ප්‍රගතිශීලී බදු ප්‍රතිසංස්කරණ ඉදිරියට පවත්වා ගත යුතු බවත් මූල්‍ය ගැලපීම් සාර්ථක වීමට නම්, බදු පරිපාලනය, රාජ්‍ය මූල්‍ය හා වියදම් කළමනාකරණය සහ බලශක්ති මිල පිළිබඳ තිරසාර ප්‍රතිසංස්කරණ ඉතා වැදගත් බවද ඇය පෙන්වා දෙනවා.

Ceylon News Factory

View Comments

  • As retired persons (non pension recievable)we also faced unbearable economic burden due to the cancellation of senior citizens fixed deposit scheme and when we withdrraw the 1500000 laks of said Fd amount, very ashamed to mention that a 5% task imposed.We are helpless innocent group in the society.For the sake of God we are waiting for relief ,

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago