ශ්‍රී ලංකා

බූරු මූණාගෙන් අලුත් සෙල්ලමක් – තමන් මානසික රෝගියෙක් බව කියයි !

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාතාලයේ සැඟවුන වෙඩික්කරුවෙක් ලෙස හඳුනාගෙන සිටි රවිඳු වර්ණ රංග හෙවත් බූරු මූණා ඊයේ (22) කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කළ බව බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය කියයි.
ඉකුත් 20 දා කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත සැකකරු ඉදිරිපත් කිරීමේ දී තමන් මානසික රෝගයකට ප්‍රතිකාර ගන්නා බව බූරු මූණා පැවසීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ නිර්දේශය මත සැකකරු මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ.

විනාඩි 20කට ආසන්න කාලයක් සැකකරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව වෛද්‍යවරයා ඔහු දැනට ලබා ගන්නා ඖෂධ ඒ ආකාරයෙන්ම ලබා ගන්නා ලෙස නිර්දේශ කර තිබේ.

සැකකරු මේ වනවිට නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථානයක විශේෂ ආරක්ෂාව සහිත සිර මැදිරියක් තුළ රඳවා ඇතැයි පොලිසිය කියයි.

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago