ශ්‍රී ලංකා

මැතිවරණ කොමිසම අදත් රැස්වෙයි !

අප්‍රේල් මස 25 වැනි දින පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ ද එසේත් නැතිනම් තවදුරටත් කල් තබන්නේ ද යන්න පිළිබඳව නිශ්චිත තීන්දුවක් ගැනීම සඳහා මැතිවරණ කොමිසම අද (23) රැස්වීමට නියමිතව තිබේ.
අද පෙරවරු 10ට සියලු දේශපාලන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් ද මැතිවරණ කොමිසම ඉදිරියට කැඳවා ඇති අතර පවතින තත්ත්වය සම්බන්ධව ඔවුන්ගෙන් ද අදහස් හා යෝජනා විමසීමට නියමිතව තිබේ.

අනතුරුව මැතිවරණ කොමිසම රැස් වී අප්‍රේල් මස 25 වැනි දින මැතිවරණය පවත්වනවා ද නැද්ද, මැතිවරණය කල් දමනවා නම් ඒ කොපමණ කාලයකට ද යන්න පිළිබඳව විශේෂ තීරණයක් ගනු ඇත.

මැතිවරණය ප්‍රකාශිත දිනයට පැවැත්විය නොහැකි නම් එය වඩාත් සුදුසු දිනයකට කල් තැබිය හැකි යැයි මැතිවරණ නීතියේ සඳහන්ව ඇති බවත් ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණය කොවිඩ් වසංගතය හේතුවෙන් තෙවරක් කල් දැමීම පූර්වාදර්ශයකට ගෙන පළාත් පාලන මැතිවරණය වෙනත් දිනකයක් නියම කළ හැකි බවත් මතක් ලෙසින් ඉදිරිපත් වී ඇත.

කෙසේ වෙතත් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර දීම රජයේ මුද්‍රණාලයාධිපතිනිය ප්‍රතික්ෂේප කිරීම කිරීම නිසා නියමිත දිනවලට ( මාර්තු 28, 29, 30) තැපැල් ඡන්ද විමසීම නොපැවැත්වෙන බව අද මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කරනු ඇති බව වාර්තා වේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago