අමානුෂික ලෙස තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකුගේ අත්දෙක කපා රැගෙන ගිය පුද්ගලයා අද නීතිඥයෙකු මාර්ගයෙන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී තිබේ.
සැකකරු විසින් පසුගිය 21 වනදා මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලකින් පසු පළිගැනීම සඳහා මෙලෙස අදාළ පුද්ගලයාගේ අත්දෙක කපා රැගෙන ගොස් තිබුණි.මෙම පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අවුරුදු 40ක එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.එම පහරදීමෙන් අනතුරුව පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ දෙඅත් මැණික් කටුව ප්‍රදේශයෙන් කපා ඉවත්කොට රැගෙන ගොස් තිබේ.
ඔහු මීට පෙර ද පුද්ගලයෙකුගේ අතක් වෙන් වනසේ කපා දැමුව ද එය පසුව රෝහලේදී බද්ද කිරීම හේතුවෙන් මෙම පුද්ගලයාගේ දෙඅත් කපා එම කොටස් රැගෙන ගොස් ඇති බවට පොලීසිය සැකකරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…