ශ්‍රී ලංකා

අනුර දිසානායකගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි නිර්දේශ !

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට අබේරත්න කොමිෂන් සභා වාර්තා අනුව නිර්දේශ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

රජයේ දේපළ අවභාවිතා කර ඇති බවට එල්ල වූ චෝදනා මත මෙම නිර්දේශ කර ඇතැයි ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

පසුගිය 2015 යහපාලන සමයේදී දුෂණ මර්ධන කමිටුවේ අධ්‍යක්‍ෂ ලෙස පත් කරන ලද්දේ අනුර කුමාර දිසානායක මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් වරයෙක් වූ ආනන්ද විජේපාල නම් අයෙක් බවත් ඔහුට 1,200,000 වැටුපක් අවුරුදු තුනක් තිස්සේ ලබා ගෙන ඇති බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

දූෂණ මර්දන කමිටුව 2015දී යහපාලන ආණ්ඩුව විසින් පිහිටවූ පසු එහි සභාපති ලෙස කටයුතු කරන ලද්දේ අනුර කුමාර දිසානායක මහතා බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කමිටුවේ අධ්‍යක්ෂවරයෙකු වූ ආනන්ද විජේපාල මහතා අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍ය ධුරය දරද්දී ඔහුගේ පෞද්ගලික ලේකම්ව සිටි අයෙක් බවද හෙතෙම කියා සිටියේය.

Ceylon News Factory

View Comments

  • පොහොට්ටුවේ ඉන්න උන් දූෂණ වංචා අවභාවිතය ගැන කතා කළොත්, මුළු පක්ෂයේම ප්‍රජා අයිතිය අහෝසි කරන්න වෙන්නේ.
    අනේ මහින්දානන්ද විහිළු කරන්න එපා බං.

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago