ශ්‍රී ලංකා

ඉදිරි සතිය තුළ යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යන්න වෘත්තීය සමිති එකමුතුව සූදානමින් !

උපයනවිට බද්දට අදාළව තාවකාලික විසඳුමක් ලබාගැනීමට ජනාධිපතිවරයා මේ සතිය තුළ සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම් ඉදිරි සතිය තුළ යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

අද (24) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය සංගම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබුණි.

උපයනවිට බද්ද සම්බන්ධයෙන් තාවකාලික විසඳුමක් ලබාගැනීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් මෙම සතිය තුළ ලබාදීමට ජනාධිපති ලේකම්වරයා පසුගිය සතියේ එකඟවී තිබුණි.

මෙතෙක් එම අවස්ථාව ලබානොදීම සම්බන්ධයෙන් හා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරගැනීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද විශේෂ සාකච්ඡාවක් පැවැත්විය. පැවැත්වුවා.

එහිදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ,

“අවසන් වරට අපිට දුන් පොරොන්දුව ඉටු කරන්නවත් උවමනාවක් නැති බව පේනවා.”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ,

“අපිට සිද්ධවෙනවා එළඹෙන සතියේදී ලක්ෂ ගණනක් වන වෘත්තිකයින් සමග පාරට එන්න. අවසානයේ රටම අඩපණ කරන තත්ත්වයට යන්න වෙනවා.”

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago