ලෝක මලල ක්‍රීඩා උළෙලේ ජාත්‍යන්තර ඉසව්වල කාන්තා අංශයේ තරඟ කිරීම සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ලෝක මලල ක්‍රීඩා උළෙලේ තරග කිරීම තහනමට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එහි පාලක මණ්ඩලය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, එළඹෙන මාර්තු 31 වැනිදා සිට කාන්තා ලෝක ශ්‍රේණිගත කිරීමේ තරග සඳහා කිසිදු සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවකට සහභාගි වීමට ඉඩ නොතබන බවයි.
මීට අමතරව සංක්‍රාන්ති ලිංගිකයන් හට ඇති සුදුසුකම් සහ මාර්ගෝපදේශ පිළිබඳ වැඩිදුර පර්යේෂණ පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම මේ සඳහා ක්‍රියාකාරී කණ්ඩායමක් පත්කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙම කණ්ඩායම මෙහෙය වීම සඳහා අවස්තාව ලබාදීමට සැලසුම් කර ඇත්තේ.,
කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන ස්වාධීන පුද්ගලයෙක්
කවුන්සිලයේ සාමාජිකයින් තිදෙනෙක්
මලල ක්‍රීඩා කොමිසමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙක්
සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩකයෙක්
ලෝක මලල ක්‍රීඩා සාමාජික සංගම් නියෝජිතයින් තිදෙනෙක්
ලෝක මලල ක්‍රීඩා සෞඛ්‍ය හා විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් පිරිසක්
නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ, දැනට ජාත්‍යන්තර වශයෙන් තරග කරන සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොමැති බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…