ශ්‍රී ලංකා

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන්ගේ පාසල් මාරු කිරීම් අන්තර්ජාලයට !

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් සහ ඔවුන් හය ශ්‍රේණියට ඇතුළත් කර ගත් පාසල් පිළිබඳ තොරතුරු ඊයේ (23) සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය පළකර තිබෙනවා.

එම තොරතුරු දැනගැනීම සඳහා පිවිසෙන්න : https://g6application.moe.gov.lk/#/

එමෙන්ම මේ සඳහා වලංගු විභාග අංකය ඇතුලත් කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශ දැනුම් දී තිබෙනවා.

මේ සඳහා සිසුවා පිළිබඳ තොරතුරු, වත්මන් පාසල් විස්තර, තෝරාගත් පාසල් විස්තර සහ ඉල්ලා සිටින පාසල් ලැයිස්තුවේ විස්තර ඇතුළත් වේ.

එමෙන්ම මෙම තොරතුරු බාගත කිරීමේ පහසුකමද ලබා දී ඇති බව සඳහන්.

මීට අමතරව පාසලක් නොලැබුණු හෝ වෙනත් හේතූන් මත තමන්ට ලැබුණු පාසල වෙනස් කිරීමට හෝ අභියාචනා ඉදිරිපත් කිරීමට අවශ්‍ය සිසුන් හට Online පහසුකම ලබාදීමට නියමිතයි.

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු මත සුදුසුකම් ලැබූ නමුත් නිසි පාසල්වලට ඇතුළත් කර නොගත් සිසුන්ට Web portal හරහා අභියාචනා ඉදිරිපත් කළ හැකි බවද අමාත්‍යංශය සඳහන් කළා.

ඒ අනුව මැයි 1 වැනිදා සිට සියලුම අභියාචනා Online ක්‍රමය හරහා අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කළ යුතුයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් සඳහන් කර ඇත්තේ, ලිඛිතව ඉදිරිපත් කරන අභියාචනා ප්‍රතික්ෂේප කරන බවයි.

Team CNF

View Comments

  • මගේ දුව ආසාවෙන් බලා සිටි පාසලට එක ලකුණක් මදි වුණ නිසා ඇය අපේක්ෂා භන්ගත්වයට පත් වී ඇති නිසා ඇයද මමද මානසිකව කඩා වැටී සිටින්නෙමු !
    වගකිව යුතු බලධාරින්ගෙන් අභියාචනා කර සිටින්නේ සාදාරණ සහ සානුකම්පිතව දරුවාගේ අනාගතය පිළිබඳව ඔබගේ ම දරුවෙක් ලෙසින් සිතා අභියාචනා ඉදිරිපත් කිරීමට ඉඩ සලසන මෙන් සහ ඇයගේ සිහින පාසලට ඇතුලත් වීමට අවස්ථාව සලා දෙන ලෙසයි

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

9 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

11 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

12 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

13 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

14 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

16 hours ago