ලංකා සතොස විසින් භාණ්ඩ වර්ග 10ක මිල අඩු කර තිබෙනවා.
ඒ අනුව වියළි මිරිස් කිලෝව රුපියල් 120කින් ද, දේශීය සම්බා සහල් කිලෝවක මිල රුපියල් 11කින් ද, සුදු සීනි කිලෝවක මිල රුපියල් 07කින් ද, ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 10කින් ද, හාල් මැස්සන් කිලෝව රුපියල් 25කින් ද, කඩල කිලෝවක මිල රුපියල් 15කින් ද, අර්තාපල් (දේශීය) කිලෝවක මිල රුපියල් 10කින් සහ ග්‍රෑම් 425 ටින් මාළු එකක මිල රුපියල් 10 කින් ද, අඩු කර ඇති බවයි ලංකා සතොස පවසන්නේ.
එම මිල සංශෝධනයත් සමග වියළි මිරිස් කිලෝව රුපියල් 1380ක් ලෙස ද, දේශීය සම්බා සහල් කිලෝවක මිල රුපියල් 199ක් ලෙස ද, සුදු සීනි කිලෝවක මිල රුපියල් 210ක් ලෙස ද, ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 119ක් ලෙස ද, හාල් මැස්සන් කිලෝව රුපියල් 1100ක් ලෙස ද, කඩල කිලෝවක මිල රුපියල් 555ක් ලෙස ද, අර්තාපල් (දේශීය) කිලෝවක මිල රුපියල් 270ක් ලෙස සහ ග්‍රෑම් 425 ටින් මාළු එකක මිල රුපියල් 520ක් ලෙසින් පහත වැටී තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…