කොළඹ shangri la හෝටලයේදී දහනව වෙනි රයිගම් ටෙලි සම්මාන උළෙල ඊයේ පැවැත්වුනා. පසුගිය වසරේ රුපවාහිනී නාලිකාවල විකාශනය වූ ටෙලි නාට්‍ය අතරින් මෙම සම්මාන උළල ජනතා ඡන්දයෙන් පැවැත්වෙන අතර මෙවර රයිගම් සම්මාන උළෙල පැවැත් වෙන්නේ 19 වෙනි වරටයි.
ජනප්‍රියතම රංගන ශිල්පියා සම්මානය සඳහා වැඩි ජනතා ජන්දයෙන් ඉදිරියෙන්ම සිටියේ උද්දික ප්‍රේමරත්න සහ සචින් ලියනගේයි. ඒ අතරින් ජනප්‍රියම නළුවා ලෙස වැඩි ජනතා ඡන්දයෙන් තේරී පත්වීමට උද්දික ප්‍රේමරත්න සමත් වුනා.
ජනප්‍රියතම රංගන ශිල්පිණිය සම්මානය සඳහා වැඩි ජනතා ජන්දයෙන් ඉදිරියෙන්ම සිටියේ ශලනි තාරකා සහ දුශේනි මියුරංගයි. ඒ අතරින් ජනප්‍රියම රංගන ශිල්පිණිය ලෙස වැඩි ජනතා ඡන්දයෙන් තේරී පත්වීමට දුශේනි මියුරංගි සමත් වුනා.
එමෙන්ම වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය ලෙස මාණික්කාවත සම්මානයෙන් පිදුම් ලැබූ අතර වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුයේ මාණික්කාවත නාට්‍යයේ ගුණාදරීගේ චරිතයට පණ පෙවූ වොල්ගා කල්පනී.
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා ලෙස ජගත් චමිල සම්මානය ලබා ගත්තා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…