ඇලපාත පොලිස් වසමට අයත් නිරිඇල්ල ප්‍රදේශයේ බෝක්කුවක් යට තිබී ඝාතනය කළ බවට සැකකළ හැකි තරුණියකගේ මළ සිරුරක් අද (27) දහවල් ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමක් මත සොයාගත් බව ඇලපාත පොලීසිය පැවසුවේය.
නිරිඇල්ල පදිංචි පී.ජී. සුවිනී දිනාදරී ජයසිංහ (25) නම් තරුණියගේ සිරුර බව පසුව හඳුනාගෙන තිබුනි.
ඇය උදේ 06.30ට නිවසින් පිටව රැකියාවට යෑම සඳහා රත්නපුර බලා යන බස්රථයට පිටත්ව ගොස් ඇතිබව විමර්ශන වලදී අනාවරණය වි තිබු බව පොලිසිය පැවසුවේය.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වු ඇය මිට මාස දෙකකට පෙර විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමකළ තැනැත්තියක් බව ද පොලීසිය සඳහන් කළේය.
රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. පවුලේ වැඩිමහල් දියණිය ද වේ. ඇයට බාල සහෝදරයෙක් සහ සහෝදරියක් සිටින බව ද පොලිසිය සඳහන් කළේය.
මෙය ඝාතනයක් විය හැකියැයි පොලීසිය සැක කරයි. ඝාතනයට පෙර ඇය ලිංගික අතවරයකට ලක්කර ඇද්දැයි පොලීසිය සැකකරයි.
රත්නපුර සහ නිවිතිගල පොලිස්ථානවල නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…