Uncategorized

ඛනිජ තෙල් සේවකයෝ උපවාසයක් අරඹයි !

ඛනිජ තෙල් සංස්ථාව සතු කොටස් විකිණීමට එරෙහිව අද (27) උපවාසයක් ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිදහස් සේවක සංගමය පවසනවා.

අද උදෑසන 7 සිට සිය උපවාසය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි එම සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න මහතා කියා සිටියේ.

අද වෙනකොට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉතාමත් හොඳින් ලාභ ලබනවා. මෙහෙම තියෙන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කිසිම හේතුවක් තැතුව ඒ සංස්ථාවට අයිති ඉන්ධන පිරවුම්හල් 600කට අධික ප්‍රමාණයක් පිටරට සමාගම්වලට පවරලා දෙන්න යනවා. මේ ගනුදෙනුව තමයි මේ අවුරුද්දේ වෙන්න යන විශාලතම දූෂිත, නින්දිතම තුප්පැහිම ගනුදෙනුව. මොකද මේ ගනුදෙනුවෙන් කිසිම ඩොලරයක් මේ ආණ්ඩුවට ලැබෙන්නේ නැහැ. අපිට ආරංචි ළඟදිම මේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න යනවා කියලා.

ඒ නිසා අපි අවසාන වශයෙන් කියන්නේ මේ ජාතීද්‍රෝහී ක්‍රියාව පරාජය කරන්න අපි තෙල් සංස්ථාව වෘත්තීය සමිති අද උදෑසන සිට උපවාසයකින් මේ විරෝධතා ව්‍යාපාරය ආරම්භ කරනවා. අපි සියලුම ඛනිජ තෙල් සේවකයින්ට ආරාධනා කරනවා පක්ෂ භේද, වෘත්තීය සමිති භේදයකින් තොරව අපේ තෙල් සංස්ථාව බේරගෙන අපේ රැකියා ටික සුරක්ෂිත කරගැනීමේ සටනට එකතුවෙන්න කියලා.

Ceylon News Factory

View Comments

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago