මඩ පොහොර බෙදා දීමේදී ඇති වු අමනාපයකට තංගල්ල නෙටොල්පිටිය කෘෂිකර්ම කාර්යාලයේ කෘෂිකර්ම පර්යේෂණ නිළධාරිණිය මහ මග දී කපා කොටා මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.
ඊවේ (27) උදේ සුපුරුදු පරිදි කෘෂිකර්ම පර්යේෂණ නිළධාරිණියට වැඩට එන විට නොටොල්පිටිය වැලිආරේදී මන්නයකින් කපා කොටා ඇයව මරා දමා තිබුණු බව තංගල්ල පොලිසිය කීවේය.
මෙලෙස ඝාතනය කර ඇත්තේ තංගල්ල නෙටොල්පිටිය කෘෂිකර්ම කාර්යාලයට අනුයුක්තව කෘෂිකර්ම පර්යේෂණ නිළධාරිණියක ලෙස කටයුතු කල අංක 189, වැලිආර, නෙටොල්පිටිය ,තංගල්ල ලිපිනයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ දීපෂිකා ලක්රුවනී විජේදාස නැමති 30 හැවිරිදි විවාහක කාන්තාවකි.
ඝාතනය සම්බන්ධව පොලිස් අත්අඩංගුවට පත් වී ඇත්තේ ඇයගේ නිවසට යාබද නිවසක පදිංචි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකල මුලික විමර්ශනවලදී මෙම ඝාතනය සිදුකවළ බව කියන මෙ 39 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් පුද්ගලයා මිට දින කිහිපයකට පෙර මඩ පොහොර බෙදාදීමක් සම්බන්ධයෙන් ඝාතනයට ලක් වු කෘෂිකර්ම පර්යේෂණ නිළධාරිණිය සමග බහින් බස් විමක් ඇති කරගෙන තිබුණු බව විමර්ශනවලදී හෙළි වී ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…