ශ්‍රී ලංකා

හොරණ මහේස්ත්‍රාත් ඝාතනය කිරීමේ උත්සහයක් – ප්‍රකට නීතිඥවරයෙක්ගෙන් කට්ටඩියකුට කොන්ත්‍රාත්තුවක් !

හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය ගේ මරණය සිදු කිරීම සඳහා හූනියම් කරන ලෙස කට්ටඩියකුට කොන්ත්‍රාත්තුවක් ලබා දුන් ප්‍රකට නීතිඥවරයකු සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ වී ඇතැයි පොලිස් අරංචි මාර්ග පවසයි.
මෙම නීතීඥවරයා තමන් ගෙන්වා අදාළ මහෙස්ත්‍රාත්වරයා ගේ මරණය සිදුවන ආකාරයට හූනියමක් කරන ලෙස ඉල්ලා ඇති බවට ඔහු හොරණ පොලිසිය දැනුවත් කිරීම මත මෙම විමර්ශනය ආරම්භ වී ඇත.

අදාළ නීතීඥවරයා මීට මාස කිහිපයකට පෙර දේපළ වංචාවක් සම්බන්ධයෙන් කළුතර රක්ෂිත බන්ධනාගාරගත කොට සිට ඇති අතර මෙම කට්ටඩියාද එම කාලයේ කළුතර බන්ධනාගාරයේ රැඳවියක් ලෙස සිට ඇත. ඒ අවස්ථාවේදි මිත්‍ර වි ඇති ඔවුන් දෙදෙනාගේ මිත්‍රත්ත්වය මත මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බව පොලිසිය පවසයි.

මුදල් වංචාවක් සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාර ගතව සිටි මෙම කට්ටඩියා ට ඇප ලබා ගැනීම සඳහා අදාල නීතීඥවරයා උපකාර කර ඇති අතර පසුගිය පෙබරවාරි මස 15 වැනිදා ඔහු ඇප මත නිදහස්ව තිබේ.

පසුව ඔහු මෙම නීතිඥවරයාගේ ඉල්ලීම මත සතියක පමණ කාලයක් එම නිවසේ ගතකරමින් සිටියදී තමන්ට හූනියමක් මඟින් පුද්ගලයකු මරණයට පත් කිරීමට අවශ්‍ය බව දන්වා ඇත

එයට එකඟ වූ මෙම කට්ටඩියා නීතීඥවරයාද ඊට අවශ්‍ය ද්‍රව්‍ය ගෙනවිත් දෙන ලෙස පවසා ඇති අතර ඒ සමඟ මරණයට පත් කිරීමට අවශ්‍ය කවුද යන්න ද විමසා ඇත.

එහිදී මෙම නීතීඥවරයා තමන් හොරණ මහෙස්ත්‍රාත්වරයා සමඟ වෛරයකින් පසුවන බැවින් ඔහු යම් ආකාරයකට ඝාතනය කිරීමට අවශ්‍ය බව පවසා තිබේ.

තමන්ට ඇප ලබා දීමට කටයුතු කළ මෙම විනිසුරුවරයා ට එවැනි ඉරණමක් අත් කිරීමට තමන්ට නොහැකි බව පවසා ඇති මෙම කට්ටඩියා ඉල්ලීම ප්‍රතික්ෂේප කර නීතීඥ නිවසින් පිටව ගොස් ඒ බව හොරණ පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන් වේ

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago